
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඇය 39 හැවිරිදි වියේ පසුවන්නියකි.
මෙම කාන්තාව උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී රෝගය සුව වී නිවසට යාමට පෙර කළ පීසීආර් පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15දෙනෙකු සහ එම කාන්තාව සේවය කළ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 40දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.

