දිවුලපිටියේ ආසාදිත කත ඇසුරු කළ 100ක් නිරෝධායනයට


(ඉන්දිකා  රාමනායක)

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ්‍රිතයන් 100දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඇය සේවය කළ පෞද්ගලික ආයතනයේ ඇය සමීපව සි⁣ටි පිරිසක්,  සේවය නිමකර ඇය සමග  ආයත⁣නයේ  බස් රථයෙන් ගමන්ගත් පිරිස, නිවැසියන් ඇතුලු ඇය සමග සමීපව කටයුතු කළ පිරිස  මේ අතර සිටින බව හමුදාපතිවරයා කීය.

මෙම සියලු දෙනා සම්බන්ධයෙන්  පී.සී. ආර්. පරීක්ෂණ ආරම්භ  කර ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.

(ඡායාරූප - අමිල මධුසංඛ)