
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් දිවුලපිටිය නගරයේ දී පන්දම් දල්වාගෙන විරෝධතා දෙකක් පැවැත්විණි.
ජාතික ජනබලවේගයේ සාමාජිකයෝ පිරිසක් දිවුලපිටිය නගරයේ විරෝධතාවේ යෙදී සිටියදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ජනතා නාදය සංවිධානයේ පිරිසක් ද පා ගමනින් එම ස්ථානයට පැමිණ එම විරෝධතාවට එක් වූහ.
දිවුලපිටිය ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ පිරිසක්ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමන වේලාවක මෙම උද්ඝෝෂණයේ යෙදුනහ.

