දිල්රුක්ෂි ඩයස්ගේ අයිතිවාසිකම් කඩවෙලා


දේශපාලන පලිගැනීමේ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වන දිල්රුක්ෂි  ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට එරෙහිව දේශපාලන පලිගැනීම් සොයා බැලීමට  පත්කළ ජනාධිපති කොමිසමේ සියලු නිර්දේශ  බලරහිත කිරිමට  නියෝග කළේය. 

දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත් කළ ජනාධිති කොමිසමේ නිර්දේශ  මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම්  කඩවී ඇතැයි සඳහන් කරමින්  අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වන  දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරු එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකර විනිසුරුවන් වන ප්‍රීති පත්මන් සූරසේන, ගාමිණි අමරසේකර,  සහ අචල වෙන්ගප්පුලි  යන මහත්වරුන්ගෙන් සමන්විත  විනිසුරුමඩුල්ල මගින් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කළේය.