දියතලාවේ සිට ආ සරසවි සිසුන් 33 දෙනා නව හමුදා මුලස්ථානයට


(ඉන්දිකා රාමනායක)

දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිටි නව යුද හමුදා මුලස්ථානය වෙත පැමිණියේය.

ඔවුන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමට නියමිතය.

හමුදාපති හමුවීමෙන් පසු සිසුහු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.