දියණියගේ ගිනි තැබීමෙන් අසාධ්‍ය වූ මව රෝහලේදී මරුට


(ගයාන් සූරිය ආරච්චි)

ප්‍රේම සම්බන්ධතාවයට මවුපියන් විරුද්ධ වීම හේතුවෙන් මවගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන 13 හැවිරිදි සිසුවියක අත්අඩංගුවට ගෙන පරිවාස භාරයේ රඳවා ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

මෙසේ පරිවාස භාරයට පත්කර ඇත්තේ  බදුල්ල එගොඩ වෙල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසු වියකි.

එම ගිනි තැබීමෙන් බරපතල තුවාලැබූ මව බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුල්ල එගොඩ වෙල ප්‍රදේශයේ පදිංචි දුලාංජලී කුමාරි 28 නැමැති කාන්තාවකි. එම සිදුවීම ඉකුත් 4 වැනි දින  සිදුව තිබූ බව පොලිසිය පවසයි