
( රේඛා තරංගනී ෆොන්සේකා)
බීමතින් සිය දියණිය සහ ඥාති දියණිය අපයෝජන කිරීමට තැත් කළ බව කියන සැකකරුවෙක් (11) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
සැකරුගේ බිරිඳගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පොලීසිය ඔහු මත්පැන් භාවිතයට අධිකව ඇබ්බැහි වී සිටින අයකු බවද පැවසීය.
ලිංගික අපයෝජනයට ලක් වීමට ගිය බව කියන සැකකරුගේ දියණිය සහ ඥාති දියණිය පානදුර මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව සඳහන් කරන පොලිසිය සැකකරු අද මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.
මෙම දියණියන් වයස අවුරුදු 16 පසුවන්නියන් බව සඳහන් කරන පොලීසිය අදාළ සැකකරුගේ බිරිඳ ඇඟලුම් කම්හලක සේවය නියුතු සේවිකාවක බවත් ඇය රැකියාවට ගිය අතරතුරදී සැකකරු මෙසේ නොමනා ලෙස හැසිරී ඇති බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මොරටුව එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් මාසකෝරාල මහතා විසින් සිදුකරනු ලබයි.

