දිනකට සංචාරකයන් 5000ක් අපෙක්ෂාවෙන්


( තිළිණි ද සිල්වා)

ඉදිරි මාස 03 ක කාලය තුල මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ලබන වසර තුළ සිට දෛනිකව 5,000 ක් පමණ සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් , පසුගිය කාලය තුළ මෙරටට සංචාරකයන් 45,000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට පසුගිය කාලය තුළ විවිධ සහන ලබාදීමට රජය කටයුතු කළ බව මාත්‍යවරයා කීවේය.

සංචාරක ක්ෂේත්‍ර යේ නිරත වූවන්ට ණය සහන පැකේජය, විදුලි හා ජල බිල්පත් ගාස්තු ගෙවීමට සහන සැලසීම, ලීසිං ගෙවීම සදහා සහන සැලසීම මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි රියදුරන් හා මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 බැගින් හා රුපියල් 20,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ද කටයුතු කළ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.