දින 7කට පසු ඌවට හිරු පායයි


(වියලුවේ නිශාන්ත කුමාර)

දින 7කට පසුව අද (21) උදෑසන බදුල්ල, මහියංගන ,වියලුව ඇතුළු ඌව පළාතේ  ප්‍රදේශ රැසකට හිරු එළිය පතිතවූ බව බව එම ප්‍රදේශයන්හි ජනතාව පවසති .

ඉකුත් 16 වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව  අද (21) අලූයම  වනතුරුම නොකඩවා ඇද හැලුණූ  අතර අද (21) උදෑසන 9.00 පමණ වෙද්දී   පළාතේ බොහෝම ප්‍රදේශවලට දැඩි හිරු රැස් පතිත වී තිබෙනු දැකගන්නට ලැබිණි.

 දින හතකට ආසන්න කාලයක් තිස්සේ ඇදහැළුණු මහ වැසි හේතුවෙන්  පළාතේ බොහෝ ප්‍රදේශ වල  නාය යෑම්, ගංවතුර අනතුරු ඇතුළු ව්‍යසන රැසක් සිදු වූ අතර පවුල් රැසක් අවතැන් විය.

මාර්ග රැසක ගමනා ගමන කටයුතු අඩාල විය.