(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබූ ඇති නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා (1) අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
රට විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට නිකුත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා පැතිරීම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන දින ගණන 43කි.

