දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප දීම ප්‍රතික්ෂේප කරයි


(මනෝප්‍රිය ගුණසේකර )
 
කන්තලේ සීනි සමාගමේ   ගොඩනැගිලි සහ  යන්ත්‍රෝපකරණ   ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට විකිනීම සදහා  අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් කෝටි 5 1/2 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක්  ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වී  දඩ සහ   සිරදඩුවම් නියම වී සිටින  රාජ්‍ය දැව සංස්ථාවේ  හිටපු සභාපති  පියදාස දිසානායක  මහතාට  ඇප නියම කිරීම     ත්‍රිපුද්ගල  ස්ථීර විශේෂ මහාධිකරණ විණිසුරු මණ්ඩුල්ල  අද(19)  ප‍්‍රතික්ෂේප කරන ලදි.
 
දිසානායක මහතාට ඇප නියම කිරීමට තරම්  සුවිශේෂි කරුණු  ඉදිරිපත්ව නොමැති බව ස`දහන් කරමින් ඔවුන්ගේ ඇප ඉල්ලීම  ප‍්‍රතික්ෂේක කළ විණිසුරු මඩුල්ල  එම චෝදාවටම වරදකරු වී  දඩ හා  සිරදඩුවම් නියමව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ  ආචාර්ය කුසුම්සිරි මහානාම මහතාට  ඇප  නියම කරන්නැයි ඉල්ලමින්  ඉදිරිපත් කර ඇති පෙත්සමේ තීන්දුව  ලබන  ජුලි මස 02 දින ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
 
මෙම පෙත්සම සලකා බැලූ ත්‍රිපුද්ගල ස්ථීර විශේෂ මහාධිකරණ විණිසුරු මණ්ඩුල්ලේ  සභාපති   සම්පත් අබේනායක ,  සම්පත් විජේරත්න, සහ  චම්පා ජානකී රාජරත්න  යන මහත්ම මහත්මීන්ගෙන්  සැදුම්ලත්  විණිසුරු මඩුල්ල අදාල තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
 
කන්තලේ සීනි සමාගමේ   ගොඩනැගිලි සහ  යන්ත්‍රෝපකරණ   ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට විකිනීම සදහා  අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් කෝටි 5 1/2 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක්  ලබා ගැනීම සම්බන්ධයෙන්  වු චෝදනාවන්ට   හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ   කාර්ය මණ්ඩල ප‍්‍රධානියා  ලෙස කටයුතු කසුම්සිරි මහානාම මහතා, රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක  යන මහත්වරුන්ට වසර 12 බැගික්  බරපතල වැඩ සහිත සිරදඩුවම්  ද, රුපියල් 55,000 බැගින් වු දඩ ද නියම කෙරිණි.
 
ඔවුන්  මෙම තීන්දුවට සහ දඩුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ අතර  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව  විභාග කොට  තීන්දුව ප‍්‍රකාශයට පත්කරන තුරු තමන්ට ඇප නියම කරන්නැයි  විශේෂ ති‍්‍රපුද්ගල මහධිකරණයට  ඇප පෙත්සම්  ඉදිරිපත් කෙරිණි.

පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ  ඇප පෙත්සම  සලකා බැලීමෙන් අනතුරුව  එය ප‍්‍රතික්ෂේප කළ  විණිසුරු මඩුල්ල කුසුම්සිරි මහානාම මහතාගේ  ඇප ඉල්ලීම පිළිබද තීන්දුව  ප‍්‍රකාශයට පත් කිරීම සදහා  නියම කෙරිණි.