දැරියගේ අභිරහස් මරණයට එරෙහිව මන්ත්‍රීවරියෝත් සටනට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරයෙකුගේ නිවසේ 16 හැවරිදි මෙහෙකාර දැරියක අපයෝජනයට ලක්වීමෙන් පසු පිළිස්සී මිය යෑමේ සිද්ධිය ගැන දැඩි කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි .

බාලවයස්කාර දරුවන් මෙහෙකාර වෘත්තියේ යොදවා ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් සංවාදයක් ඇති නොවීමද කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .

දරුවන් මෙහෙකාර වෘත්තීයේ යොදවා ගැනීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලකෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඒ සඳහා උපරිමයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ඇය ප්‍රකාශ කළාය .