(යොහාන් භාසුර)
අන්තර්ජාලයේ දැන්වීම් පළකර 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතුවලට අළෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරියගේ මව ඇතුළු පුද්ගලයින් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් දැරිය අළෙවි කිරීමට දැන්වීම් පළකළ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිද්ධියට අදාලව හෝටල් කළමනාකරවකු ඊයේ (04) අත්අඩංගුවට ගත් බවත් කාමර සැපයීමේ චෝදනාවට තවත් පුද්ගලයන් 12 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
මෙම බාලවස්කාර දැරිය අළෙවි කිරීම සඳහා වෙබ් අඩවි හතරක දැන්වීම් පළ කර ඇති බවත් ඉතිරි වෙබ් අඩවිවල හිමිකරුවන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ.
ගල්කිස්ස පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.

