දැරිය අපචාරයේ යෙද වූ ‘‘ලංකා ඇඩ්‘‘ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කර පරිගණක පනත ප‍්‍රකාරව වරදක් සිදුකළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘ලංකා ඇඞ්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු සහ එහි මූල්‍ය කලමනාකරු අද (05) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (04) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලංකා ඇඞ් නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි ධනුක කෞෂල්‍යය යන අයවලූන්ය.

මෙම සැකකරුවන් ‘ලංකා ඇඞ්’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එහි කාන්තාවන් ගනිකා වෘත්තියේ යෙදවීම මෙන්ම විවිධ වූ අපචාරයන් ස`දහා පුද්ගලයන් පෙළඹවමින් මුදල් උපයමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 360 (අ) සහ 285 වගන්ති ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී. සේනාරත්න මහතා මෙම සිද්ධියට අදාළව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් බී වාර්තාවක් ම`ගින් වැඩිදුරටත් කරුණු සඳහන් කළේය.