දැදුරුඔයෙනුත් විදුලිය


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය ජලාශයට අනුබද්ධ මෙගා වොට් 1.3 ක ධාරිතාවයකින් යුතු ජල විදුලි බලාගාරය අද (01) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් විවෘත කළහ.

රුපියල් මිලියන 303 ක වියදමින් ඉදිවූ බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ 2019 වසරේ දීය. විදුලිබල මණ්ඩලයට අනුබද්ධිත පෞද්ගලික සමාගමක් වන ශ්‍රී ලංකා එනජීස් ආයතනය විසින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සමන්ප්‍රිය හේරත් , මංජුලා දිසානායක සහ හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා එනජීස් ආයතනයේ සභාපති විජිත හේරත් මහතා ඇතුළු නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.