දහයියා ලොරියක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් බෝහීල් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී අද (27) අනතුරකට ලක්ව ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.

තලවකැලේ ප්‍රදේශයට දහයියා හා ලී කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ත්‍රී රෝද රථයකට ඉඩ ලබාදීමට යාමේදී මාර්ගයේ පැති කොටසක් කැඩීමෙන් බව පොලීසිය කියයිඅනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයා සුළු තුවාල ලබා ඇති අතර අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.