
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
මහ මඟ වැටී තිබූ මුදල් පසුම්බියක සහිත රන් භාණ්ඩ කීපයක් අහුලා හිමිකාරියට ලබාදීමට මහනුවර මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් දෙදෙනකු කටයුතු කර ඇත.
රුපියල් 90000/= ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් සහිත පසුම්බිය අහුලා තමන් ඉගෙනුම ලබන විදුහලේ ගුරුතුමිය වෙත බාරදී ,විදුහලේ විදුහල්පති මගින් එම මුදල් පසුම්බිය සහ රන් භාණ්ඩ ඒවා අයිතිකාර කාන්තාවට බාරදීමට කටයුතු කළේය.
මෙම දරුවන් තිදෙනා මහනුවර මැණික්හින්න මහාවිද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබයි.
මධුසංඛ රුක්ෂාන් (13), යසිත් චමල් රත්නායක(13), සහ ඉසුරු චමත්සේනාධීර (13) යන මෙම සිසුන් තිදෙනා පෝය දින විදුහලේ නර්ථන පංතියට පැමිණෙමින් සිටියදී පාරේ බිම වැටී තිබූ පසුම්බිය දැක එය අහුලා එය විදුහලේ නර්ථන ආචාරීණී ඉන්දිකා ඉඹුලාවල මහත්මියට බාරදීමට කටයුතු යොදා ඇත.
පසුව විදුහල්පති සේනක ඉන්ද්‍රජිත් මහතා මාර්ගයෙන් මෙම මුදල් සහ රන් භාණ්ඩ හිමි කාන්තාව පිළිබඳ විස්තර තහවුරු කරගෙන ඇය විදුහලට ගෙන්වා, මුදල් හා රන් භාණ්ඩ සහිත පසුම්බිය ඇයට බාර දීමට පියවර ගනු ලැබීය.
තමන්ගේ නැතිවූ මුදල් සහ රන් මුදුව ආපසු තමන්ට ලබාදීමට පියවර ගත් මැණික්හින්න මහා විද්‍යාලයේ දරුවන් තිදෙනාටත් විදුහල්පති තුමා සහ නර්ථන ආචාරීණියටත් ඇය ප්‍රසංසා කළාය.


