(නිමාලි කහවල)
පාසල් නිමවීමෙන් පසු තමන් සමඟින් ආ දරුවන්ගේ පොත් බෑග් නිවසින් පිටත තබා, දරුවන් මිදුලෙහි සෙල්ලම් කිරීමට යොමුකර නිවසක් ඇතුළත සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉංගිරිය, රඹුක්කනගම නිවසක් තුළ පැවැත්වුණු මෙම සූදු පිටියේදී අත්අඩංගුවට පත් කතුන් රඹුක්කනගම සහ ඒ අවට පදිංචිකාරියන්ය.
පොලිසිය නිවස වැටළීමේදී ඔවුන් පළායාමට මෙන්ම සැඟවී පොලිසියෙන් බේරීමට උත්සාහ ගත් බවත්, එසේ සැඟවීමට උත්සාහ ගත් එක් කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙට්ටයක් යට සැඟවී සිටියදී බවත් පොලිසිය පවසයි.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල්, සැරයන්වරුන් වන (34344)අමරසිංහ, (10534)අරුණ ශාන්ත, (42755)සුජීව සහ කොස්තාපල්වරුන් වන (96284)ගාමිණී, (12950)භාග්‍යා, (45625)ශ්‍රීමාල්, (79039)ලහිරු, (31571)මුණසිංහ ඇතුළු පිරිසක් විසින් අදාළ නිවස සිව් දිශාවෙන්ම වටළා මෙම මෙහෙයුම සිදුකර තිබේ.

