දරුවන් 8 කගේ පංචායුධ වලට විද්ද කත අල්ලයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පෙර පාසලට ගොස් හඩන දරුවන් සනසා දී රහසේම එම දරුවන්ගේ රන් පංචායුධ සොරා ගැනිමේ නිරතව සිටි කාන්තාවක් ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය අද (07)  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ආලංකුලම පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බව කියයි.

අත්අඩංගුවට ගත්  කාන්තාව ආලංකුලම, වත්තේගෙදර ඇතුළු ප්‍රදේශ වල පෙර පාසල්වලට  ගොස් එහි හඩමින් සිටින දරුවන් සනසන මුවාවෙන් මෙම පංචායූධ සොරා ගැනිම කලක සිට සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

පොලිස් පරික්ෂණ අනුව මේ වන විට දරුවන් අට දෙනෙකුගේ ගෙල බැදි රන් පංචායුධ මෙම කාන්තාව අවස්ථා කිපයකදී කිසිවකුට නොදැනෙන අයුරින් සොරා ගැනිම සිදුකර ඇති බවත් තවත් එසේ පංචායුධ සොරකම් කර ඇත්දැයි යන්න පරික්ෂණ අරඹා ඇති බව විවිධ පැමිණි අංශය කියයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව දරුවන් සනසා දිමෙන් පසුව දරුවන්ගෙ ගෙලෙහි ගැට ගසා තිබු පංචායූධ අතුරුදහන් විම ගැන පෙර පාසල් පාලිකාවන් හා දරුවන්ගේ මව්වරුන් විසින් තුළ ඇතිවු සැකයක් මත පොලිසියට පැමිනිලි කිරීමේන් පසුව පරික්ෂණ අරඹා තිබු බව ද කියයි.

ඒ අනුව අදාල කාන්තාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේන් පසුව අදාල කාන්තාව පාපොච්චාරණය කර ඇති බව කියයි.

අත් අඩංගුවට ගත් කාන්තාව ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ආණමඩුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඒ.ටී. නිල්මිනී මහත්මිය ඇතුළු නිළධාරින් විසින් පවත්වයි.