
(නිමල් ජයරත්න සහ රුමේෂ් එම්. වීරසේකර)
මහවැලි රාජ්‍ය අමාත්‍යවරයකුගේ ලිඛිත අවසරයක් ඇතිව මීට වසර 30 අධික කාලයක සිට විදුලි බිල ගෙවමින්, පදිංචිව සිටි මහවැලි නිවසක පදිංචිව සිටි අටමස් ගැබිණියක,තවත් කුඩා දරුවකු සමග දරුපවුලක් පන්නා දමා ඇත.
හිටිහැටියේ ඉවත් කිරීමෙන්තම දරුපවුල දැඩි අසීරුතාවට පත්වූ බව පොලොන්නරුව ඇලහැර සෑගල ගම්මානයේ අටමස් ගැබිනි මවක වන එක්දරු මවක් වූ එම්,ඒ, මහේශීකා මාතාව හඬා වැළපෙමින් සඳහන් කළාය,
1988 ත්‍රස්තවාදි කලබල සමයේ පියා මියයෑමත් සමග විනාශ වෙමින් තිබුණු මෙම නිල නිවස පොළොන්නරු දිස්ත්‍රික් ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම මත 1993 වර්ෂයේදී මහවැලි ඇමැතිවරයා වශයෙන් කටයුතු කල එච්.ජී,පී නෙල්සන් මහතා විසින් ලිඛිතව ඔවුන්ට ලබාදී තිබිණෙ
එතැන් සිට මේ දක්වාම වසර 30 ක්ම මෙම දරු පවුල විදුලි බිල්ගෙවමින්, නිල නිවස නඩත්තු කරමින් මෙම නිවසේ පදිංචිව සිට ඇත.
අධිකරණය නියෝගයක් රැගෙන පැමිණි නිලධාරීන් පිරිසක් තමන් සතු දේපළ ඉවත් කරගෙන නිවසින් බැහැර වන ලෙස දැන් වු බව එම මව පැවැසුවාය.
අධිකරණය ලබාදුන් තීන්දුවට තමන් ගරු කරන බවත් කිසිදු දැනුම් දීමකින් තොරව තම දරුපවුල එළියට ඇද දැමීම අසාධාරණ බවත්, මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේත්, මහවැලි අමාත්‍යවරයාගේත් අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම්,ඒ මහේෂිකා මහත්මිය හඬා වැලපෙමින් පැවසුවාය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ඉවක් බවක් නොමැතිව නිවසින් එළියට දැමූ මෙම දරු පවුල මේ වනවිට නිවසේ බඩු බාහිරාදිය සමඟ නිවස ආසන්නයේ ඇල මායිමක සිටිති,
අප මේ පිළිබඳව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද නේවාසික ව්‍යාපාර අර්.එම්.කේ.බී. රන්මදෙණිය මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ, මෙය අවුරුදු දහයකට පස්සේ ආපු නඩු තීන්දුවක් බවත්, මහවැලිය පැත්තෙන් එම පවුල වෙනුවෙන් සාධාරණයක් සිදු කිරීමට තිබේ නම් එය ඉටු කරදෙන බවයි,



