දරු තිදෙනා තනි කර මව ඉසුරු සොයා ගිහින්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුඩා දරුවන් දේදනකු අවුරුදු 14 වයස ඇති දියණියට බාර දී මව මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවකට යාමෙන් පසු එම දරු තිදෙනා කෲරත්වයට පත් කළේ යැයි කියන 47 හැවිරිදි පියා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරු තිදෙනා ද පසුගිය සිකුරාදා පොලිස් භාරයට ගෙන එම දරු තිදෙනා අද(9) අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ගෙන යයි.

පොලිස් ළමා  හා කාන්තා කාර්‍යංශය බාරයට ගත් මෙම දරු තිදෙනාගේ සෑම අවශ්‍යතාවයක් ම එම කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් ඔවුන්ගේ පෞද්ගලික වියදමින්ඉටු කරන බව කියති.

දරු තිදෙනා ගේ පියා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.