දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්යේ ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා 22 පැවති උත්සවයකින් අනතුරුව මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී එහි සිටි පිරිස විසින් එය වැළකූ බවත් ගලෙන්බිඳුනුවැව ප්‍රෙද්ශයේ පදිංචි (31) පුද්ගලයකු විසින්  සිදු කළ පැමිණිල්ලේ සදහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

කුරුඳුවත්ත  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවත්වයි.