දඹුල්ලේ ශීත ගබඩාව වටේ බලෙන් අල්ලගෙන


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දඹුල්ලේ පටන් ගත් ලංකාවේ පළමු වැනි උෂ්ණත්වය පාලන ගබඩාව වටා පිහිටි ඉඩම් ටික බලෙන් අල්ලා ගන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එළවළු පලතුරු කල් තබාගැනීම සඳහා සැකසන එම ශීත ගබඩාවේ ඉදිකිරීම් කටයුතු තවම අවසන් වී නැතැයි ද නමුත් ඒ වටා ඇති ඉඩම්  මේ වන විටත් පුරවා පෞද්ගලික ඉඩම් යනුවෙන් බෝඩ් ගසමින් සිටින බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

ගොවි ජනතාවට තිබෙන සම්පතක් මෙලෙස අවභාවිත  කරන්නට ඉඩ දිය නොහැකි බවද  හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ අදාළ කාරණය සම්බන්ධයෙන් සොයා බලා එය නතර කිරීමට කටයුතු කරන බවයි.