දඹුල්ල බස් නැවතුම්පොළේ වැටුණු සෙබළා රෝහලේදී මියයයි


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල පොදු වැසිකිළිය අසළ අද (04) වැටී සිටි  යුද හමුදා සෙබළෙකු රෝහල් ගත  කර අවස්ථාවේදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
 
යම් අසනීප තත්ත්වයකින්  දඹුල්ල බස් නැවතුම්පළ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටී සිටි යුද හමුදා සෙබළෙකු  විනාඩි 30 ක පමණ කාලයකට පසු දඹුල්ල රෝහලට ඇතුළු කිරිමට කටයුතු කර තිබිණි.
 
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොල  පදිංචි තුෂාර කුමාර ජයසිංහ නැමති අයෙකු බව පොලිසිය හදුනාගෙන තිබේ.
 
සිය ගමන් මල්ල තබා දඹුල්ල බස් නැවතුම්පොළ පිහිටි පොදු වැසිකිලියට යුද හමුදා සෙබළා ගොස් නැවත එළියට පැමිණ එහි භාරකරුට මුදල් ලබාදෙනවත් සමඟ එකවරම බිම ඇද වැටුණු බව වැසිකිළියේ මුදල් අයකරගන්නා පුද්ගලයා  පැවසීය.
 
ඔහු යුද හමුදා සෙබළෙකු බව දැනගත් එහි සිටි තරුණයන් සහ  තරුණියන් කීප දෙනෙකු පැය භාගයක පමණ රෝහලට රැගෙන යෑම සඳහා දැඩි උත්සායක නිරත වූහ.
 
එම ස්ථානයේ යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ද සිටිනු දැක ගැනීමට හැකිවිය.
 
බොහෝදෙනා එම ස්ථානයට ළඟා නොවීම හේතුවෙන් තරුණයන් කීපදෙනකු  සහ තරුණියන් කිහිප දෙනෙකු එකතුව මෙම යුද හමුදා සෙබළාට පවන් සලමින් සිටිනු දැක ගැනීමට හැකිවිය .
 
පසුව තරුණයන් දෙදෙනෙකු වහාම ආසන්නයේ තිබුණු තිරෝද රථයක් කතා කර  ඔවුන් විසින්ම ඔසවාගෙන දඹුල්ල රෝහලට රැගෙන යෑමට කටයුතු කළහ.