(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස අද (12) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ ලකුණු 50 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙය දඹුල්ල පිල තරඟ 7 කදී ලැබූ පස්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල පිල නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල ලකුණු 46 කට කඩුලූ 4ක් දැවී අසීරු තත්වයක සිටියදී බෙන් මැඩ්නමට් (නොදැවී 69) සහ ඇලෙක්ස් රෝස් (52) පස්වැනි කඩුල්ලට ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ. දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 4 ට 166 (බෙන් මැඩ්නමට් නොදැවී 69, ඇලෙක්ස් රෝස් 52 මතීෂ පතිරණ 36/2) කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 116 (නිරෝෂන් දික්වැල්ල 17, මොහොමඩ් නවාස් 20, නුවණිදු ප්‍රනාන්දු 21, බිනුර ප්‍රනාන්දු 18/2, හසන් අලි 16/3, නූර් අහමඩ් 14/2, දුෂාන් හේමන්ත 16/2 )

