දඹුල්ල අවුරා පිල දෙවෙනි ජය ලබයි


(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (5) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 10 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ලකුණු 193 ක ජයග්‍රහකයා හඹාගිය කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 182 ක් පමණි. (බාබර් අසාම් 41, පැතුම් කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46 කින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත්විය. කුසල්ගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 8 කින් වර්ණවත් විය.

සදීර සමරවික්‍රම පන්දු 35 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම දෙවැනි කඩුල්ලට පන්දු 64 කින් ලකුණු 120 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වූහ. දඹුල්ල අවුරා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 192 (කුසල් මෙන්ඩිස් 87, සදීර සමරවික්‍රම 57, ධනංජය ද සිල්වා නොදැවී 15, මතීෂ පතිරණ 31/3, නසී ම් ෂා 21/2 ) කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 182 (බාබර් අසාම් 41, පැතුම් නිස්සංක 22, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 56, ධනංජය ලක්ෂන් 18, නිරෝෂන් දික්වැල්ල 16, චාමික කරුණාරත්න නොදැවී 20, නුර් අහමඩ් 34/2)