
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 සිවුවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් ප්‍රබල ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 130 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 16.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 32 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළේය.
පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා පිල වෙනුවෙන් චරිත් අසලංක පන්දු 56 කින් ලකුණු 56 ක් රැස් කළේය.
ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 129 (චරිත් අසලංක 56, ටොව්හිඩ් රිඩෝයි 24, ඩේවිඩ් මිලර් 14, බිනුර ප්‍රනාන්දු 27/2, ශනාවාෂ් දහනි 36/1, හයිඩන් කීර් 16/1, ධනංජය ද සිල්වා 17/1, නූර් අහ්මඩ් 27/1) දඹුල්ල අවුරා පිල ඕවර 16.2 කදී කඩුලු 2 කට 132 (අවිෂ්ක ප්‍රනාන්දු 52, කුසල් මෙන්ඩිස් 29, කුසල් පෙරේරා නොදැවී 34, සදීර සමරවික්‍රම නොදැවී 12, දුනිත් වෙල්ලාලගේ 27/1, විජයඛාන්ත් වියස්ඛාන්ත් 24/1)

