දඬුවම ගැන නීතිපති මතය මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යම් මන්ත්‍රීවරයකු එකිනෙකට වෙනස් වැරදි දෙකක් හෝ වැඩි ගණනකට  වැරදිකරු වුවහොත් ඒ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව   මාස තුනක උපරිම කාලයකට  අත්හිටුවිය හැකි බව නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් දැනුම්දී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (9) පැවසීය.

එවැනි වරදකදී මන්ත්‍රීවරයකුට  උපරිම වශයෙන් ලබා දිය හැකි දඬුවම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් තමා පසුගියදා  මතය විමසූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ)සහ  67 ව්‍යවස්ථා, කලින් කලට සංශෝධිත 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 22(3), 27(1), සහ 32 වගන්ති සහ  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 77(1), 77(2),77(3), සහ  1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය පනතේ 5සහ 16(1) වගන්ති සලකා බලා ත්(ඊ) ව්‍යවස්ථාවට යටත්ව  1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 5සහ 16(1) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් දඬුවම් කළ හැකි බවද නීතිපතිවරයා දන්වා ඇතැයි කතානායකවරයා කීය.

කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී  මෙම නිවේදනය ඉදිරිපත් කළේය.