දඩයක්කරු දඩයම දමා පලා යයි


(චාපා මධුභාෂිණි)


වල් ඌරෙකු දඩයම් කර  රැගෙන යමින් සිටි   පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමට යාමේදී  සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මොඩොක්කුව ප්‍රදේශයේ දී  දඩයම් කරන ලද වල් ඌරා සහ ඔහු පැමිණි යතුරුපැදියද දමා පළා ගොස් ඇතැයි  සුංගාවිල බීට්ටු කාර්යාලය කියයි.


සුංගාවිල බීට්ටු කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ඊයේ (20)  වන දින රාත්‍රී මුර සංචාරයේ ගොස් නැවත එමින් සිටියදී  අද (21) අලුයම  4.30 පමණ පුද්ගලයෙක් ඌරෙකු දඩයම් කර යතුරුපැදියේ පිටුපස තබාගෙන රක්ෂිතයෙන්  එළියට පැමිණෙන අවස්ථාවේ වනජීවී නිළධාරීන් විසින් ඔහු පසුපස ලුහු බැද අල්ලා ගැනීමට උත්සාහා දරා තිබේ.


 එහිදි  සැකකරු  පදවාගෙන පැමිණි යතුරුපැදිය සහ දඩයම් කරන ලද වල් ඌරාද දමා පලා ගිය බව වනජීවීය කියයි.


සැකකරු සුංගාවිල ප්‍රදේශයේ පදිංචි 25 වියැති  අයකු බව හඳුනාගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

  
පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සුංගාවිල බීට්ටු කාර්යාලය කියයි. 


සුංගාවිල බීට්ටු කාර්යාලයේ වන අඩවි සහකාර එච්.එම් ජයසූරිය, වන සත්ත්ව නියාමකවරුන් වන කේ.කේ සුරංග සම්පත් ආරියරත්න, සමීර සම්පත්, වික්‍රමසිංහ, සිවිල් ආරක්ෂක නිළධාරීන් වන ආර්.ඩී නිමල් ගුණරත්න (63915), එස්.එච් මංජුල දිනේෂ් (63950), ඩබ්ලිව්.කේ සරත් කුමාර (72074) සහ වන ජීවී රියදුරු ආර්.එම්.එස්.පී රණබාහු යන නිළධාරීහු  මෙම වැටලීමට සිදු කළහ.