(ජේ .ඉඳුරුවගේ)
දකුණු පලාතේ මූලික රෝහල් වලට පැමිණෙන කොරෝනා ආසාදිතයන් යැයි සැකකෙරෙන පුද්ගලයන් වෙන් කොට තැබීමට අවශ්‍ය පරිදි වාට්ටු සැකසීමට තීරණය කර තිබේ .
දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආණුඩුකාර ලේකම් කාර්යාලයේ දී දකුණු පලාතේ කොරෝනා මර්දනය පිලිබඳව පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබිණි .
ආණ්ඩුකාවරයා විසින් මෙම අවශ්‍ය ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත වෙන්කර දුන්නේය .

