(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 62 කණුව ප්‍රදේශයේදී විදේශිකයන් පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී සිව් දෙනෙක් මියගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු මෙම අනතුරින් මියගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කීය.
වෑන් රථය ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වී ඇති අතර ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස හැපිමෙන් මෙම අනතුර සිදුව ඇත.

