දංකොටුවේ පොල්තෙල් බවුසර් දෙක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට


(යොහාන් භාසුර)

දංකොටුවෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු දැයි පරීක්‍ෂා කිරීමට පොල්තෙල් සාම්පල ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතයට සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට යොමු කරන බව රේගු නිවාරණ අංශයේ ප‍්‍රධානී රේගු අධිකාරී, සේනක ඇරැව්පොල මහතා පවසයි.

දංකොටුව පොලිසිය බාරයේ තිබූ එම බවුසර් දෙක අද (31) පෙරවරුවේ කොළඹ රේගු මූලස්ථානයට රැුගෙන ආවේය. පොල්තෙල් බවුසර් හිමි සමාගමේ හිමිකරු ඇතුළු පුද්ගලයන් කීපදෙනකු රේගුවට කැ`දවූ බවත් ඔවුන්ගේ ප‍්‍රකාශ ලබාගෙන රේගු අධ්‍යක්‍ෂවරයකු වෙතට ඉදිරිපත් කරන බව ද ඇරැව්පොල මහතා කියයි.

මෙම බවුසල්වලට යොදා ඇති මුද්‍රා රේගුව විසින් යොදන ලද ඒවා නොවන බවත් සාම්පල් පරීක්‍ෂවේදී එම පොල්තෙල්වල පිළිකා කාරකය අඩංගු බවට සනාථ වුවහොත් ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් ඇරැව්පොල මහතා සඳහන් කරයි.

ඡයාරූප: ගයාන් අමරසේකර