තෛයිපොංගල් - සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා


( මහින්ද නිශ්ශංක )

 තෛයිපොන්ගල් උත්සවයට සහ සතිඅන්ත නිවාඩුව සදහා විශේෂ දුම්රිය සේවා මේ මස 10 දා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව _බදුල්ල හා බදුල්ල _ කොටුව අතර සහ කොටුව _ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

ජනවාරි 10, 12 ,14, 17, 19, 24, 26, 31,

පෙබරවාරි 2, 3, සහ 4 යන දිනවලදී විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.