(ළහිරු හර්ෂණ)
"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.
තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.
තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.
ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.
කොළඹ කොච්චිකඩේ ශ්‍රී පොන්නම්බ වානේශ්වරර් කෝවිලේදී හින්දු බැතිමතුන් තෛපොංගල් චාරිත්‍ර ඉටුකල අයුරු