තේ පෝර 8500ට බස්සයි


(අංජුල මහික වීරරත්න)

තේ පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද  අමරවීර  මහතා පැවසීය.

දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල්   12000 සිට රුපියල්  14000 දක්වා වන නිසා බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර යොදන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය . 

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග  පැවැති සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගාල්ල නගර ශාලාවේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඊට කෘෂිකර්ම  රාජ්‍ය  අමාත්‍ය  මොහාන් ද සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

තේ පෝර වැඩි වීම නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල්  පොහොර සමාගම මගින්  තේ පොහොර මිටිය රුපියල් 8500 කට දෙන  බවද අමාත්‍යවරයා සඳහන් කළේය.