(ප්‍රසන්න පත්මසිරි)
වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද (04) දවල් උද්ඝෝෂණයක නිරතව වූහ..
බදුල්ල චෙන්කලාඩි ඒ 5මාර්ගයේ හොප්ටන්-බිබිල අතර කිලෝමීටර් 22ක පමණ දුරක මාර්ගය ඉදිකිරීමට වැඩ ආරම්භ කර වසර තුන හමාරක පමණ කාලයක් තිස්සේ වැඩ අතර මග නවතා ඇතැයි උද්ඝෝෂකයෝ කීහ.
මේ නිසා රිය අනතුරු සිදුවන බවත් අබලන් මාර්ගය වැස්සට වාරිමාර්ගයක් වන බවත් කියන ප්‍රදේශවාසීන් පසුගිය කාලය පුරාම නිතර රිය අනතුරු රැසක් සිදුව තිබෙන බව ද කියයි.
පැය දෙකක් තිස්සේ උද්ඝෝෂණයේ නිරතවු ප්‍රදේශවාසීන්ට මාර්ගය ඉදිකරන සමාගම් සමග සාකච්ජා කිරීමට පොලිසිය තීරණය ගැනීමත් සමග විරෝධතාවය තාවකාලිකව නවතා දැමීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.