
(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙබුවන නිවසක් පිටුපස වලදමා තිබූ විදේශ රටක නිශ්පාදිත ජීව අත්බෝම්බ 2 ක්, හඳුනානොගත් පෑන් පිස්ටල් වර්ගයේ අවි දෙකක කොටස් සහ පතුරම් තොගයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් අද (15) පස්වරුවේ සොයාගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ විදේශ රටක නිශ්පාදිත එස්.එජ්.ජී. වර්ගයේ ජීව අත්බෝම්බ 2 ක්, මිලිලීටර් 9 වර්ගයේ පතුරම් 315 ක්, රිවෝල්වර පතුරම් 3 ක්, ටී 56 පතුරම් 12 ක්, ස්නයිපර් පතුරම් 2 ක්, පොයින්ට් 22 පතුරම් 88 ක්, බෝර 12 පතුරම් 3 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය බව පොලිසිය කියයි .
ලද බුද්ධි තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙම අවි සහ පුපුරන ද්‍රව්‍ය තෙබුවන, දෙල්ගොඩ නිවසක් පිටුපස වළදමා තිබියදී සොයාගත් බවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු තෙබුවන ,දෙල්ගොඩ , උඩුවර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි .
සැකකරු තෙබුවන පොලිසියට භාරදි ඇති අතර, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හොරණ විශේෂ කාර්ය බළකා කදවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.යූ.එස්. ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව වැටලීම සිදුකර තිබේ.


