
(නිමන්ති රණසිංහ සහ මුදිතා දයානන්ද )
සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත් වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අද (08) පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (08) දහවල් දොළහට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2 හි පෙනීසිටි ගුණවර්ධන මහතා ප්‍රකාශ ලබා දීමෙන් පසු පස්සට තුනයි තිහට පමණ ඉන් පිට වූ බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ .
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සහ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වන සිද්ධීන් දෙකට අදාළව ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ .
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව ලංකාදීප දහයිලන්ඩ් සහ දිවයින පුවත්පත්වල පළවූ කතුවැකි සහ පෞද්ගලික වෙබ් නාලිකාවක ප්‍රචාරය වූ මාධ්‍ය සාකච්ඡාවකට අදාළව මෙම ප්‍රශ්න කිරීම් සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට නොහැකි බවට ගුණවර්ධන මහතා සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

