තුර්කියේ ගුවන් යානා අනතුරකින් 3ක් මරුට


තුර්කියේ බටහිර ඉස්මීර් ප්‍රදේශයේ සිට ඉස්තාන්බුල් දක්වා ගමන් ගත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් තිදෙනෙකු මියගොස්, 179 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
 
ඉස්තාන්බුල් පිහිටි සහීබා අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබෑමට සූදානම් වන අවස්ථාවේ අනතුරට ලක්වූ ගුවන් යානය කැබලි තුනකට කැඩී ගිය බව බලධාරීහු පවසති.
 


ඉස්තාන්බුල්වලට බලපෑ තද සුළං සහ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගුවන් යානය පාලනය කරගත නොහැකිව ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇතැයි අනාවරණය වී ඇත.
 
යානය නියමිත පරිදි ගුවන් පථයට ගොඩබෑමට නොහැකි වී ඇති බවද, මීටර් 50ක් 60ක් පමණ දුරක් බිම දිගේ ඇදීගොස් ඇති බවද, පසුව මීටර් 30ක පමණ අගලකට වැටී ඇති බවද ඉස්තාන්බුල්හි ආණ්ඩුකාරවරයා පැවසීය.
 
“සිදු වූ දේ ගැන අපි කනගාටුවෙනවා. ඒත් එය විශාල අනතුරක් වන්නට නොදී ගලවාගැනීමට ලැබීම ගැන සතුටු වෙනවා” යැයි ද ආණ්ඩුකාරවරයා කීය.


 
මෙය බෝයිං 737 වර්ගයේ මෙම ගුවන් යානයක් බව පැවසේ.
 
සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
 
(අල්ජසීරා ඇසුරිනි)

16844