තුර්කියේ කොරෝනා නව ආසාදිතයන් 2433ක්


තුර්කියේ නව කොරෝනා වයිරස මරණ 59ක් වාර්තා වීමත් සමග මෙතෙක් වාර්තා වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 3 629ක් තහවුරු වී ඇති අතර පසුගිය පැය 24 තුළ නව රෝගීන් 2,433 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තුර්කියේ කොරෝනා වයිරස පරීක්ෂණ 40 000ක් සිදුකර ඇති බවද ඔවුහු පවසති.
තුර්කියේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා නිවසේ රැඳී සිටින ලෙස පනවන ලද නියෝගයකි.

කිරීටක වෛරස් ආසාදන දිගින් දිගටම පැතිර ගියහොත් සියලු ජනතාවට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කිරීමට සිදුවනු ඇතැයි එරට රජය පවසයි.

කෙසේ වෙතත්, ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු පවසා සිටියේ මිලියනයකට ආසන්න පිරිසක් තවමත් රටේ විශාලතම නගරය තුළ අවදානම් ලෙස පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන බවයි.
රට පුරා කළ නොහැකි නම් අවම වශයෙන් තම නගරයේවත් නිවසේ රැඳී සිටීමේ නියෝගයක් පැනවිය යුතු යැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

“අපි වසංගතය ව්‍යාප්ත වීමේ වඩාත් තීරණාත්මක අවධියේ සිටිමු, අද අවශ්‍ය පියවර නොගන්නේ නම්, අනාගතයේ දී බලාපොරොත්තු සුන්වීමක් ඇති වනු ඇති බව පැහැදිලිය." ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

වයිරසය පාලනය කිරීම සඳහා තුර්කි රජය විසින් පාසල්, කැෆේ සහ බාර් වසා දමා ඇත, විශාල යාච්ඥා තහනම් කර ඇත, ක්‍රීඩා තරඟ සහ ගුවන් ගමන් අත්හිටුවා ඇත. 

කෙසේවුවද මිලියන 83 ක් පමණ ජනගහනයක් සිටින තුර්කිය සති දෙක තුනකින් කිරීටක වෛරසය පැතිරීම ජය ගන්නා බව ජනාධිපති තායිප් එර්ඩෝගන් පැවසීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)