තීන්දු ගත යුත්තේ ජනතාව තේරුම් ගෙනයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව තීන්දු ගත යුත්තේ ජනතා උවමනාවන් තේරුම්ගෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුව විකෘති තීන්දුවක් ගත්තොත් වන්නේ කුමක්දැයි තේරුම් ගත යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මෙවැනි ක්‍රියා කොට රටේ අනාගතය යොමු කරන්න හදන්නේ කොයි තැනකට දැයි ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ප්‍රශ්න කළේය.

ජනක රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ කටයුත්තක වැරදිකරුවෙක් වෙලා තියෙනවා නම් තීන්දුවක් ගත්තාට ප්‍රශ්නයක් නැතැයි ද බාකිර් මාකර් මහතා කීය.