තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
ජීවන වියදම් කමිටුවේ පෙරේදා (23) පැවැති රැස්වීමේ දී තිරිඟු පිටි සඳහා මිල සූත්‍රය සකස් කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊළඟ කමිටු රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතය.
ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිල ඉහළ යාමක දී තිරිඟු පිටි මිල වැඩිවන හා තිරිඟු ඇට මිල පහළ යාමකදී තිරිඟු පිටි මිල අඩු කිරීම මිල සූත්‍රය ගෙන ඒමේ අරමුණ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
තිරිඟු පිටි කිලෝවක පාලන මිල වශයෙන් නියම කර ඇති රුපියල් 87 මිල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

