තියුණු අයුධවලින් කපා අයෙක් මරලා


 

( අමදෝරු අමරජීව )

සමච්චතිව් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුල්ලි මූලච්චතිව් ප්‍රදේශයේ නිවසකට අද (28) අලුයමක් කඩා වැදුණු සිව් දෙනකු නිවසේ නිදා සිටි අයෙකු තියුණු ආයූද වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කින්නියා පොලිසිය කියයි .

 මෙලෙස ඝාතනය කර ඇත්තේ සුල්ලි මූලච්චතිව් පදිංචි අබ්දූල් සුකුම් පර්සාද් (28) නැමැති අයෙකි.

තියුණු ආයුධවලින් සන්නද්ධව සිටි සිව් දෙනකු වහලයෙන් බැස ස්වාමිපුරුෂයා ඝාතනය කර පලා ගිය බවත් ඉන් තිදෙනෙකු හඳුනාගත් බවත් මියගිය අයගේ බිරින්ද වන නිසාර්දිනි නස්රින් භානු නැමැත්තිය කින්නියා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

 මියගිය අයගේ පුංචි අම්මාගේ දියණියක් සමග තිබූ අනියම් සම්බන්ධතාවයක් මත නිවසේ උළු ඉවත් කර වහලයෙන් පැමිණි පිරිස තම ස්වාමි පුරුෂයා මෙසේ කපා කොටා ඝාතනය කළ බව බිරිය විසින් පොලිසියට කළ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.