තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ දිනය කල්යයි


(රංජන් කස්තුරි)
 

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ඔක්තෝබර් 4 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කල් දමා තිබේ.
 
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අද(30) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ නමුත් පවතින කාලගුණික තත්වය හේතුවෙන් එය කල්දැමීමට සිදු වූ බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
කිසිදු හේතුවක් නිසා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් නොදමන බවද එම කොමිසම කියයි.