
(ජේ.ඒ.එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙසත් කොතලාවල පනත වහා හකුලාගන්නා ලෙසත් රජයට බලකරමින් නගර රැසකදී අදත් උද්ඝෝෂණ සහ පෙළපාළි පැවැත්විණි
තෙල්දෙණිය නගරයේ දී අත ගුරු විරෝධතාවක් පැවැති අතර එම විරෝධතාවට ලග්ගල, විල්ගමුව, හසලක, උඩදුම්බර, තෙල්දෙණිය,මැණික්හින්න, හා පාතදුම්බර යන ප්‍රදේශවලින් දහස් ගණනක් පමණ ගුරුවරු සහ විදුහල්පතිවරු එක්ව සිටියහ.
මේ හේතුවෙන් මහනුවර තෙල්දෙණිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
ඉබ්බාගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් තවත් උද්ඝෝෂණයක් පැවැති අතර එහිදී වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය. මෙම විරෝධතාව හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූහ.



ඉබ්බාගමුව නගරයේ පැවැති ගුරු විරෝධතාව (ඡායාරූප චාන්දනී දිසානායක)


දංකොටුවේ පාසල් කීපයක ගුරුවරුන් ගිරිඋල්ල නගරයේදී විරෝධතාවක නිතර වූ අයුරු. (ඡායාරූප හේමලතා ඩී.හේවගේ)


රත්නපුර නගරයේ ඔරලෝසු කණුව අසලදී මෙම විරෝධතාව පැවැත්විණි. (ඡායාරූප අප්සරා යෝෂිත් විජේසූරි)



