(විනීතා එම් ගමගේ)
ජනාධිපතිවරණයට අදාලව තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය හෙට (12) වනතෙක් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමේ අවසන් දිනය ලෙස මීට පෙර ප‍්‍රකාශයට පත්කර තිබුනේ ඉකුත් 9 වැනි දා තෙක් පමණි.
ඒ අනුව ඡන්දය ප‍්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම් පතක් නොමැති මේ වනතුරු තාවකාලික හැඳුනුම්පත ඉල්ලූම් කිරීමට නොහැකි වූ අයට ග‍්‍රාම නිලධාරි හමුවී තාවකාලික හැඳුනුම්පතක් ඉල්ලූම් කිරීමට හෙට දක්වා අවස්ථාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය, රාජ්‍යසේවා විශාමික හැඳුනුම්පත, සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත හෝ පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති පූජ්‍ය පූජක හැඳුනුම්පත යන හැඳුනුම්පත් ඡන්දය දිමේ දී වලංගු හැඳුනුම්පත් ලෙස සළකන අතර මෙයින් කිසිවක් නැති අය තාවකාලික හැඳුනුම්පත ලබාගත යුතුය.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති තාවකාලික හැඳුනුම්පත් අද (11) දිනයේ සිට ඡන්ද දායකයින් වෙත බෙදාහැරිමට කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

