
( එච් එම් ධර්මපාල)
කිදු බලපත්‍රයක් හෝ නොමැතිව දුර්ලභ ගණයේ තාරකා ඉබ්බන් 28 ක් සමඟ පුද්ගලයෙක් අත්තිඩිය වනජීවි කාර්යාලීය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙහිවල, බෙල්ලන්තර, සල්මල් මාවත නිවසක එම තාරකා ඉබ්බන් සඟවා තබාගෙන ඇත.
මෙම ඉබිබන් වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ තිස් වන වගන්තිය අනුව ඇති කිරීම හෝ සන්තකයේ තබා ගැනීම නීති විරෝධි ක්‍රියාවක් වන බැවින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි එම ඒකකය පවසයි.


