
තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග් හි රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් අද සවස ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනයෙන් වූ හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
කිලෝමීටර් 11.9 ක් පමණ ගැඹුරින් සිදු වූ මෙම භූමිකම්පාවෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි ද සෙලවී ගොස් ඇත.
දේශීය වේලාවෙන් 17:47 රික්ටර් මාපකයේ 6.0 ක කම්පනයක් ඇති බව සඳහන් විය.
තායිවානයේ කාඕසියුං ඇතුළු ප්‍රදේශ රැසකට කම්පනයක් දැනුණු අතර භූමිකම්පාව නිසා ගිනිකොනදිග ප්‍රාන්තයේ සුපිරි වෙළඳසලක රාක්කවලින් භාණ්ඩ පවා කඩා වැටී තිබුණි.

