
(අංජුල මහික වීරරත්න)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවී සමාජ සත්කාර වෙනුවෙන් ඇමරිකා ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළහ.
මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට එම පරිත්‍යාගය යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දුන්නේය.
මෙම තායිලන්ත බෞද්ධ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සද්කාර්යයන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ තෙවන අවස්ථාව මෙය වන අතර 2010 සහ 2011 වසරවලදී කොළඹ ගංගාරාම විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක මුදලින් රට පුරා බෞද්ධ විහාරස්ථාන 1,800ක සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට යොදාගත් බව ජනාධිපති කාර්යාලය පවසයි.

