
තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් රෝහලක දී වයස අවුරුදු 93 දී මිය ගියාය.
සිරිකිත් රැජින තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ භූමිබෝල් අදුල්යාදේජ් රජු රැජින වූවාය.
භූමිබෝල් අදුල්යාදේජ් රජු දශක හයකට වැඩි කාලයක්, පාලනය කළ අතර ඔහු 2016 දී මිය ගියේය.
රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙස ඇගේ පුත් වන වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිරිකිත් රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් මාළිගාවේ ඩුසිට් තෝර්න් ශාලාවේ තැන්පත් කර ඇති බව මාලිගාව පවසයි.
සිරිකිත් රැජිනගේ අභාවය සැලවීමත් සමග තායි අගමැති අනුටින් චාන්විරකුල් මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ (ආසියාන්) සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි සිය ගමන අවලංගු කළේය.


																	
																	
																	
																	
																	
																	